නගනයක් කියන්නෙ මොකක් ද ?
නගනයක් කියන්නේ ඇසේ පිල්ලම වල ඇති තෙල් නිපදවන් ග්‍රන්ථි ව්ල ඇතිවන ආසදනයකි .( stye,hordeulum).
රෝග ලක්ෂණ
රතු පැහැති ,වේදනා සගගත ,කුඩා ගැටිති ලෙස ඇස් පිහටු මුල (extreanal stye) හෝ ඇස් පිහටු ඇතුළු පැත්තේ (internal stye)ඇතිවිය හැක
නගන ඇති වීමට හේතූ මොනවාද ?
සාමනයයෙන් ඇස් පිහාටු වල ඇති ග්‍රන්ථි බැක්ටීරියා මගින් ( staphylococcus ) ආසාදනය වීම නිසා එම ග්‍රන්ථි අවහිර වී ඉදිමීමට ලක් වේ
මේ සදහා හේතූ ලෙස පහත ඒවා දැක්විය හැක
නිතරම ඇස් අතගෑම.
ඇස් පිහාටු වල සිදුවන ආසාදනය
රුප ලාවණ්‍ය ඇස් පිහාටු වලට යෙදීම සහ ඒවා ඉවත් කර පිරිසිදු නොකිරීම
මීට කලින් නගන තිබීම
දිය වැඩියාව වැනි රොග වලින් පෙලීම
නගන වලට ප්‍රතිකාර කරන්නේ කෙසෙද
1.ඔබට නිවසේ දීම ,පිරිසිදු රෙදි කැබැල්ලක් ගෙන එය උනු වතුරෙන් පොගවා ,නගනය මත එක් වරකට මිනිත්තු 10- 15 ක කාලයක් තවන්න.ඒ විදියට දවසට 4- 5 වතාවක් කරන්න
2. ඊට අමතරව මේ සදහා අපිට පුලුවන් ඇසට ප්‍රථිජීවක් ඔෂධ වත් කරන්න .මේ සදහා ව්‍යිද්‍යවරකු හමුවිය යුතු වේ
3. තව දුරටත් නගනය සුව නොවුන හොත් ඉතා කුඩා ශල්‍යකර්ම යක් මගින් නගනය ඉවත් කිරීමට සිදුවේ